Need For Speed(2014)

Need For Speed(2014)

📀 Movie Review 002

Release date- 07 March, 2014

Director         - Scott Waugh

Budget           - 66 Million USD 


අද අපි කතා කරන්න යන්නේ 1994  වර්ශයේ සිට computer game මාලාවක් ලෙස අප වෙත පැමිණි 2014 වර්ශයේදී චිත්‍රපටයක් බවට පත්වූ franchise එකක් ගැන. 1994 වර්ශයේ The Need For Speed නමින් ආරම්භ කර 2020 වර්ශයේ එලිදැක්වුනු Need For Speed Hot Pursuit පරිගණක ක්‍රීඩාව දක්වා පරිගණක ක්‍රීඩා රාශියකින් තරුණ හදවත් දිනාගත් Electronic Arts සමාගම Dream works සමාගම සමගින් එක්ව 2014 වර්ශයේදී The Need For Speed නමින් චිත්‍රපටයක් එලි දක්වනවා. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම Need for speed යන්න පෙන්වා දෙමින් Lambogini, Ford Mustang, Koenigsegg Agera R වැනි වේගවත්ම මෝටර් රථ යොදාගෙන නිර්මාණය කල මෙම චිත්‍රපටය ඇමරිකානු ඩොලර් මිලියන 203.3 ක Box office වාර්ථාවක් තබමින් 6.4/10 ක IMDB දර්ශකයක් හිමි කර ගන්නවා.

ඉතාමත් සංවේදී සහෝදර ප්‍රේමයක්ද සුන්දර ආදර කතාවක්ද අතරින් වේගවත් මෝටර් රථ ධාවන ජවනිකා සමගින් ප්‍රේක්ෂක හිත් දිනාගැනීමට මෙම චිත්‍රපටය සමත් වෙනවා. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන Tobey Marshall චරිතයට අප කවුරුත් දන්නා Breaking Bad කතා මාලාවේ Jesse ගේ චරිතයට පණ පොවන Aaron Paul රංගනයෙන් දායක වන අතර ඔහුගේ පෙම්වතියගේ චරිතයට සුරූපී Imogen Poots රංගනයෙන් දායක වනවා.

Tobey Marshell ගේ සහෝදරයා වන Pete ධාවන තරගයක් අතරතුර අසාධාරණ ලෙස ඝාතනය වීමට යුක්තිය සොයා තරග වැදීමක් ආශ්‍රිත සිදුවීම් රාශියකින් මෙම කතාව සමන්විත වනවා. ප්‍රධාන චරිත වන Dino Brewster, Finn , Benny , Anita , Monarch යන චරිත වලට පිළිවෙලින්  Dominic Cooper, Rami Malek, Kid Cudi, Dakota Jonson, Michale Keaton යන රංගන ශිල්පීන් ශිල්පිනියන් රංගනයෙන් දායක වනවා.

සුන්දර කතාංගයකින් යුතු මෙම චිත්‍රපටය වේගවත් මෝටර් රථ වලට, පරිගණක ක්‍රීඩාවට ආශා කරන ඔබ නැරඹිය යුතුම චිත්‍රපටයක් වනවා.



Today we are going to talk about a franchise that came to us as a computer game series from 1994 and became a movie in 2014. Starting with The Need For Speed ​​in 1994 and ending with the Need For Speed ​​Hot Pursuit computer game released in 2020, Electronic Arts, which has won the hearts of young people with many computer games, is releasing a movie called The Need For Speed ​​in 2014 together with Dreamworks. Literally indicating Need for speed, this film created using the fastest cars like Lambogini, Ford Mustang, Koenigsegg Agera R, set a box office record of 203.3 million US dollars and has an IMDB index of 6.4/10.

This film manages to win the hearts of the audience with the fast car racing scenes between a very sensitive brotherly love and a beautiful love story. Tobey Marshall, the main character of the film, is played by Aaron Paul, who plays the role of Jesse in the Breaking Bad series, and the beautiful Imogen Poots plays the role of his girlfriend.

The story revolves around Tobey Marshall's brother Pete's quest for justice for the wrongful death of a racing driver. Dominic Cooper, Rami Malek, Kid Cudi, Dakota Johnson, Michale Keaton are playing the main characters Dino Brewster, Finn, Benny, Anita, Monarch respectively. This movie with a beautiful plot is a must watch movie for those who love fast cars and computer games. 


Download from here - 

https://yts.mx/movies/need-for-speed-2014










Comments

Popular Posts