Ek Villain(2014)
📀 Movie review 006
Initial release: June 27, 2014
Director: Mohit Suri
Cinematography: Vishnu Rao
Distributed by: AA Films
හදවතට දැනෙන ආදරය ඕනෑම මට්ටමක තරාතිරමක කාලයක ප්‍රදේශයක කාලගුණයක සිටින සෑම සියලු අයෙකුටම පොදුයි යන වග මූලාරම්භයේ සිටම අවසාන භාගය දක්වාම ප්‍රෙක්ෂකයාට දැනෙන්න හරිනා චිත්‍රපට ඔබටත් මටත් හමුවී ඇත්තේ ඉතාමත් සුලු ප්‍රමාණයක් බව නොඅනුමානය. චිත්‍රපටයේ පසුබිම් වර්ණයේ සිට සවනට වැටෙන ගීතයන්, ඇසෙනා පසුබිම් වාදනයන් දක්වාම චිත්‍රපටෙන් ප්‍රේක්ශකයාට ප්‍රේමයේ බර දැනෙන්න හරිනා චිත්‍රපට ලෝක සිනමා ඉතිහාසයේ ඉතාමත් සුලු ප්‍රමාණක් අපට සිනමා පිටු අතරින් සොයා ගැනීමට හැකි වේවි. එවන් නිර්මාණ කිහිපයකම සඩම්බර හිමිකරුවකු වන මෝහිත් සූරි මහතාගේ 2014දී නිකුත් වු මල්වෙඩි සන්දර්ශනයයි මේ Ek VVillain කියන්නේ. දෙනෙත් තෙත් කල ආදර අන්දර අතුරින් Aashiquie 2, Half Girlfriend , Malang වැනි ආදර අන්දර වල හිමිකරුවකු වන මෝහිත් සූරි මහතාගේ චිත්‍රපට වල විශේශත්වය වනුයේ සංගීතයටද විශේශ අවධානයක් යොමු කිරීමයි. Ankit Thiwari, Mohammad Irfan වැනි දක්ශ ගායකයින් කිහිපදෙනකුගේම හඩ ඔබවෙත සමීප කරන මෙම සොදුරු කතාන්දරයේ ඇති Galliyan සහ Banjaara යන ගීත top hits අතරිනුත් top hits වූයේ චිත්‍රපටය මුදාහැරීමටත් ප්‍රථමය.
ප්‍රධාන චරිත වලට Sidharth Malhothra සහ shradda kapoor රංගන කෞශල්‍යයෙන් දායක වන අතර. හාස්‍යට වැඩි බරක් දැක්වූ කඩවසම් රුවක් වන Riteish Deshmukh මෙම චිත්‍රපටයේ Villain ගේ චරිතයට දායක වීම විශේෂත්වයකි. ආදරය ඇතිවන්නේ සිනහව තුලින් නොව සිනහව ඇතිවන්නේ ආදරය දයාව කරුණාව තුලින් බව මටත් ඔබටත් තව තවත් පහදා දෙන මෙම චිත්‍රපටය නැරඹීමට මා ඔබට ඉතාමත් සතුටින් ආරාධනා කර සිටිනවා.
Download Link
https://yts.mx/movies/the-villain-2014
Comments
Post a Comment